ලොව්තුරා සම්මා සම්බුදු රජානන්වන්සේ අනුදැන වදාළ පරිදි, විහාරස්ථ ගෞරවනීය භික්ෂුන්වහන්සේලා, දායක කාරකාදීන්ගේ ගෞරවනීය ආරධනාවෙන් ඇසළ පුර පසළොස්වක පෝ දින සිට, තුන් මාසයක් තුළ සමාදන්වු වස් සමාදානය, වප් පුර පසලොස්වක පෝ දින අවසන්වීමෙන්. මහා පවාරණයෙන් පවාරණය කිරීමෙන් එළඹෙන කඨින චීවර මාසය තුළ කඨින චීවර පූජා මහා පිංකම නිමිති කරගෙන ඔක්තෝබර් මස 26 වෙනි දින සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්‍ම දේශනාව සහ 27 වෙනි දින දහවල සඝගත දක්ෂිණාව පිරිනැමීමේ පිංකම, ඉමහත් ගෞරවයෙන් දායක පින්වතුන් විසින් කටින චීවර, සෙසු පිරිකර, ගරු භාණ්ඩ ආදීය පූජා කිරීමද මෙදින සිදුකෙරේ
මෙම උතුම් පින්කම ගිහි පෑවිදි දෙපක්ශයටම ඉතාමත් උත්තරීතර වටිනා පින්කමක් ලෙස සෑලකේ.
පිරිත් පිංකම 2013
2014 මාර්තු මස 23
ශ්‍රී සර්වඥ ධාතු මන්දිරය වීවෘත කිරීමේ පූජෝත්සවය සහ පට්ඨාන ධර්ම සභාවේ 53 වෙනි වාර්ෂික සංවත්සර උත්සවය 2014 මාර්තු මස 23 වෙනි ඉරිදා පැවැත්වේ
අපවත්වී වදාළ පූජ්‍ය ආභිධම්මික වාඝීශ්වර යාගොඩ ධර්මප‍්‍රභ ස්වාමීන් වහන්සේගේ
20 වෙනි ගුණානුස්මරණ වාර්ෂික පින්කම
