Annual Calendar 2024



52 වෙනි අසිරිමත් පට්ඨාන ධර්ම සජ්ජායනා පිංකම – අනුරාධපුරය

අසිරිමත් පට්ඨාන ධර්ම සජ්ජායනා පූජ්‍ය මහෝත්සවය අනුරාධපුර මහමෙවුනා උයනේ වැඩසිටින ජය ශ්‍රී මහා බෝ සමිඳු අභියස රතනාගරයෙහි දී ජුනි මස 19, 20 සහ 21 යන දිනයන්හී 52 වෙනි වරටත් ධම්මාලම්බනශ්‍රීයෙන් පැවැත්වේ.

ලොවුතුරා බුදුරජානන් වහන්සේ බුදුව සතරවන සතියෙහි ශ්‍රී මහා බෝ මැඩට වයඹ දෙසින් වර්තමාන රතනඝර චේතිය පිහිටි තැන වැඩ හිඳිමින් සතියක් මුළුල්ලේ ධර්මය මෙනෙහි කල බව සඳහන් වේ. මෙසේ ධර්ම සම්මර්ශනයෙහි යෙදුනු තථාගතයන් වහන්සේ පොසොන් පොහොය ආසන්නයේදී අනන්ත නය සමන්නාගත සමන්ත පට්ඨාන ධර්මය මෙනෙහි කල බවත් මෙම ගාම්භීර වූ ධර්මය මෙනෙහි කිරීමේදී ශ්‍රී ශරීරයෙන් සවනක් ඝන සම්බුද්ධ රශ්මි මාලාව විහිදුනු බවත් දැක්වේ. පොසොන් සතියේදී සිදු වූ මෙම අසිරිමත් සිදුවීම සිහිපත් කරමින් පට්ඨාන ධර්ම සභාවේ ගරු සම්පාදක ගෞරවාර්හ යාගොඩ ධර්මප්‍රභ ස්වාමින්ද්‍රයන් වහන්සේ එම උතුම් අවස්ථාව සිහි ගන්වමින් ගාම්භීර වූ පට්ඨාන ධර්මය පුදනු පිණිස මහා පින්කමක් සිදු කළ යුතුයැ යි තීරණය කළහ. ඒ අනුව 1962 වර්ෂයේ දී කොළොඹ මාලිගාකන්දේ මහාබෝධි අග්‍රශ්‍රාවක විහාරයේ සිට සධාතුක කරඬුව හා විශේෂයෙන් සැකසු පට්ඨාන රිදී පොත් වහන්සේ වැඩමවාගෙන අත්‍යාලංකාර රිය පෙරහරකින් අනුරාධපුර ශුද්ධ නගරය වෙත ගමන් ආරම්භ කළේ එම උතුම් අදහස මල්පල ගන්වමිනි.

එහිදී ජය ශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේ අබියස පිහිටි සත්රුවන් සතිය නිරූපණය කරන රතනඝාර විහාරය විදුලි බුදුරැසින් ඒකාලෝක කොට ශතාධික මහා සංඝරත්නය සහ දහස් ගණන් සැදැහැති බොදුනුවන් සමග පාට්ඨාන ධර්ම සජ්ජායනා, පට්ඨාන විස්තර දේශනා ආදිය සහිතව අසිරිමත් මහා පින්කමක් සිදු කළ බව ධර්ම සභා ඉතිහාසයේ සඳහන්ව ඇත.

එසේ ආරම්භ කළ මෙම උතුම් පිංකම මේ දක්වා අකණ්ඩව පනස් එක් වසරක් මුළුල්ලෙහි සෑම පොසොන් සතියක් තුළම ඉතා උත්කර්ෂවත් ව ගාම්භීරාකාරයෙන් පවත්වා ගෙන එන බව පවසන්නේ මහත් අභිමානයෙනි. මෙවැනි උතුම් පිංකමක් නොනැසී පවත්වාගෙන යාමට කටයුතු පිලිවෙලකොට තබා අපවත් වී වදාළ ආභිධම්මික වාගීශ්වර අතිපූජනීය යාගොඩ ධර්‍මප්‍රභ නායක ස්වාමින්වහන්සේට සහ පරළොව සැපත් සියලු දෙනාට මෙම කුසල බලයෙන් සුවසේ ධර්මාවබෝධය වේවා !



වෙසක් වැඩසටහන

වෙසක් පුර පසළොස්වක පොදින උපෝසත අෂ්ටාංග සීල සමාදාන වැඩසටහන – උදෑසන 6.30 සිට සවස 6.00 දක්වා පැවැත්වේ.

*** ගෞතම සිද්ධාර්ථ කුමරුන්ගේ ඉපදීම, සම්මා සම්බුද්ධත්වය සහ අප මහ ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය යන අවස්ථා තුන නිමිතිකරගෙන වෙසක් පුර පසළොස්වක පෝ දින සීල, භාවනා වැඩසටහන දවස පුරා පැවැත්වේ.



වාර්ෂික පරිත්‍රාන ධර්‍ම දේශනාව සහ සඟගත දක්ෂිනාව

සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්‍ම දේශනාව සහ සඟගත දක්ෂිණාව

ලොව්තුරා සම්මා සම්බුදු රජානන්වන්සේ අනුදැන වදාළ පරිදි, විහාරස්ථ ගෞරවනීය භික්ෂුන්වහන්සේලා, දායක කාරකාදීන්ගේ ගෞරවනීය ආරධනාවෙන් ඇසළ පුර පසළොස්වක පෝ දින සිට, තුන් මාසයක් තුළ සමාදන්වු වස් සමාදානය, වප් පුර පසලොස්වක පෝ දින අවසන්වීමෙන්. මහා පවාරණයෙන් පවාරණය කිරීමෙන් එළඹෙන කඨින චීවර මාසය තුළ කඨින චීවර පූජා මහා පිංකම නිමිති කරගෙන ඔක්තෝබර් මස 26 වෙනි දින සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්‍ම දේශනාව සහ 27 වෙනි දින දහවල සඝගත දක්ෂිණාව පිරිනැමීමේ පිංකම, ඉමහත් ගෞරවයෙන් දායක පින්වතුන් විසින් කටින චීවර, සෙසු පිරිකර, ගරු භාණ්ඩ ආදීය පූජා කිරීමද මෙදින සිදුකෙරේ

මෙම උතුම් පින්කම ගිහි පෑවිදි දෙපක්ශයටම ඉතාමත් උත්තරීතර වටිනා පින්කමක් ලෙස සෑලකේ.












  • පට්ඨාන ධර්ම සභාව
  • 487/25, තිඹිරිගස්යාය පාර,
  • නාරාහේන්පිට, කොළඹ 5,
  • ශ්‍රී ලංකාව.
  • දුරකථන : 011-2580417