පට්ඨාන ධර්ම සභාවේ වාර්ෂික සංවත්සර සභා රැස්වීම සහ ශ්‍රී සර්වඥ ධාතු මන්දිරය වීවෘත කිරීමේ පූජෝත්සවය

2014 මාර්තු මස 23

ශ්‍රී සර්වඥ ධාතු මන්දිරය වීවෘත කිරීමේ පූජෝත්සවය සහ පට්ඨාන ධර්‍ම සභාවේ 53 වෙනි වාර්ෂික සංවත්සර උත්සවය 2014 මාර්තු මස 23 වෙනි ඉරිදා පැවැත්වේ



පිරිත් පිංකම 2013

පිරිත් පිංකම 2013



වාර්ෂික පරිත්‍රාන ධර්‍ම දේශනාව සහ සඟගත දක්ෂිනාව

සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්‍ම දේශනාව සහ සඟගත දක්ෂිණාව

ලොව්තුරා සම්මා සම්බුදු රජානන්වන්සේ අනුදැන වදාළ පරිදි, විහාරස්ථ ගෞරවනීය භික්ෂුන්වහන්සේලා, දායක කාරකාදීන්ගේ ගෞරවනීය ආරධනාවෙන් ඇසළ පුර පසළොස්වක පෝ දින සිට, තුන් මාසයක් තුළ සමාදන්වු වස් සමාදානය, වප් පුර පසලොස්වක පෝ දින අවසන්වීමෙන්. මහා පවාරණයෙන් පවාරණය කිරීමෙන් එළඹෙන කඨින චීවර මාසය තුළ කඨින චීවර පූජා මහා පිංකම නිමිති කරගෙන ඔක්තෝබර් මස 26 වෙනි දින සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්‍ම දේශනාව සහ 27 වෙනි දින දහවල සඝගත දක්ෂිණාව පිරිනැමීමේ පිංකම, ඉමහත් ගෞරවයෙන් දායක පින්වතුන් විසින් කටින චීවර, සෙසු පිරිකර, ගරු භාණ්ඩ ආදීය පූජා කිරීමද මෙදින සිදුකෙරේ

මෙම උතුම් පින්කම ගිහි පෑවිදි දෙපක්ශයටම ඉතාමත් උත්තරීතර වටිනා පින්කමක් ලෙස සෑලකේ.



වෙසක් වැඩසටහන

වෙසක් පුර පසළොස්වක පොදින උපෝසත අෂ්ටාංග සීල සමාදාන වැඩසටහන – උදෑසන 6.30 සිට සවස 6.00 දක්වා පැවැත්වේ.

*** ගෞතම සිද්ධාර්ථ කුමරුන්ගේ ඉපදීම, සම්මා සම්බුද්ධත්වය සහ අප මහ ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය යන අවස්ථා තුන නිමිතිකරගෙන වෙසක් පුර පසළොස්වක පෝ දින සීල, භාවනා වැඩසටහන දවස පුරා පැවැත්වේ.












  • පට්ඨාන ධර්ම සභාව
  • 487/25, තිඹිරිගස්යාය පාර,
  • නාරාහේන්පිට, කොළඹ 5,
  • ශ්‍රී ලංකාව.
  • දුරකථන : 011-2580417