දහම් පාසල  

බෝසත් ළමා දහම් පාසල

 

dhammaschool-1-285x102

“බෝසත් ළමා දහම් පාසල” පූජ්‍ය කොරතොට වෙස්සභූ ස්වාමීන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යටතේ 2009 වසරේ ජනවාරි 11 දින ආරම්භ කරන ලදී.

අරමුණු


දෙගුරුන් සඳහා නීතිමාලාව


  • දහම් පාසැල පවත්වන සෑම ඉරුදිනකම දරුවන් පැමිණිය යුතුය

  • පෙ ව 8 ට ප්‍රථම පැමිණීමෙන් 7.30 සිට කෙරෙන වතාවත් පුහුණුවට සහභාගි විය හැකිය.

  • අවශ්‍ය පොත පත, පෑන් පැන්සල් ආදිය බෑගය තුල තිබේද, ගෙදර වැඩ කර ඇත්දැයි බලන්න.

  • දරුවන් දහම් පාසැලෙහි ඉගෙන ගෙන ඇති සියළු කරුණු පිළිබඳ ඔවුන් සමග සාකච්ජා කරන්න

  • උගන්වන බොදු සිරිත් විරිත් ගැන සැමවිටම සැලකිලිමත් වන්න.

  • ඇඳුම් පිරිසිදුවත් විනීතවත් ව අන්දවා දරුවන් පාසලට එවන්න

  • සිල් සමාදන් වන දිනයන්හී උතුරු සළුව නිවැරදි ව අන්දවා එවන්න.

  • පෙ. ව.8.30 වන තුරු දරුවන් සමග දෙමාපියන් ද වැඩසටහන ට සහභාගී වීම ඉතා වැදගත් බව කරුණාවෙන් සලකන්න.

  • ගුරු දෙගුරු සම්බන්ධතා පොතක් තබා ගන්න. ඔබ දරුවා සම්බන්ධව ගුරුවරුන්ට යමක් දැන්විය යුතු නම් එහි ලියන්න. දරුවා සම්බන්ධව අප ලියා ඇති දෙයත් කියවා අත්සන් කරන්න.



කාල සටහන


පෙ.ව. 7.30 – 8.00 – දහම් පාසැල ආරම්භ කිරීම

  • පන්සිල් සමාදන්වීම

  • බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මල් පහන් පූජාව

  • මෛත්‍රී භාවනාව වැඩීම

  • කරණිය මෙත්ත සූත්‍රය සඡ්ඡායනය

  • දහම් පාසැල් ගිතය ගායනා කිරිම

08.00 – 10.45 දහම් අධ්‍යාපනය

10.45 – 11.20 බුද්ධ පූජාව සහ ආශිර්වාද කිරීම

11.20 – 11.30 ජාතික ගීය ගායනා කිරීම



පාසැල පවත්වන වාර සහ දින

1 වෙනි වාරය ( ඉරිදා දින 13 ) ජනවාරි 6 – මාර්තු 31 දක්වා

ජනවාරි 06

13

20 – සීල භාවනා වැඩසටහන

27

පෙබරවාරි 03 – යක්කල බෝධි ග්‍රාම භාවනා මධ්‍යස්ථානයට යෑම

10

17 – සීල භාවනා වැඩසටහන

24

මාර්තු 03

10

17

24 – සීල භාවනා වැඩසටහන

31

2 වෙනි වාරය ( ඉරිදා දින 13 ) අප්‍රේල් 28 – අගෝස්තු 4 දක්වා

3 වෙනි වාරය ( ඉරිදා දින 13 )

වැඩි විස්තර සදහා පට්ටාන ධර්ම සභාවෙන් විමසන්න

සිසුන් විසින් සිදු කරන පුණ්‍ය කටයුතු පිළිබඳව වාර්තා පවත්වා ගැනීමට උනන්දු කරවීමට සහ එමඟින් පුන්‍ය කටයුතු කෙරෙහි වඩාත් යොමු කරවීම.

  • යහගුණ පිරි ජීවිතයක් කරා සිසු දරුවන් යොමු කිරීමට

  • දරුවන්ගේ ආකල්පමය සංවර්ධනයක් ඇති කිරීම

  • දහම් අධ්‍යාපනය ලබාදීම

  • සූත්‍ර ධර්මයන්හි වැදගත් බව මෙනෙහි කිරීමට උනන්දු කරවීම සහ පූජනීය ස්ථානයන්හි චර්යා රටාව පිලිබඳව ඉගැන්වීම

  • ගුණාත්මක හැසිරීම් රටාවක් සිසුන් අතර පවත්වා ගැනීමට පොළඹවා ලීම

  • විහාරස්ථාන, පූජනීය ස්ථාන සහ ආගමික ක්‍රියාවන් පැවැත්වෙන නිවාස ඇතුළු සෑම ස්ථානයකටම සුදුසු වන ඇඳුම් පැළඳුම් පිළිබඳව අවබෝධය ලබාදීම

කාර්ය මණ්ඩලය

දහම් පාසැලෙහි ගුරුවරුන් වශයෙන් උගත්, පළපුරුදු, පුහුණු සහ විනය ගරුක තෝරාගත් පිරිසක් කටයුතු කරනු ලැබේ.

ඇතුලත් කරවා ගැනීම

අවශ්‍ය විස්තර සහිතව නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයඳුම් පත්‍ර භාරදීම මඟින් දහම් පාසැලට ඇතුලත්වීමේ අවස්ථාව ලබා ගත හැක.

විභාග පැවැත්වීම

සාමාන්‍යයෙන් විභාග සෑම වසරකම නොවැම්බර් මාසයේ පැවැත්වේ. 6 වන ශ්‍රේණියේ සිට ඉහලට වන විභාග බෞද්ධ කටයුතු පිලිබඳ දෙපාර්තමේන්තුවෙන් සිදු කරනු ලැබේ. විභාගයට පෙනී සිටින සිසුන් සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීම සහ මාර්ගෝපදේශකත්වය ලබාදීම දහම් පාසැල් ගුරුවරුන් විසින් වරින්වර පවත්වනු ලබන දැණුම මැණීමේ ක්‍රියාවලියක් තුළින් ඉටු කරනු ලබන අතර, ශිෂ්‍යයින්ගේ දක්ෂතා පිළිබඳ වාර්තා පවත්වා ගැනීමද සිදු කරනු ලැබේ.


විශේෂ වැඩ සටහන්

  • දහම් පාසැල ආශ්‍රිතව පහත දැක්වෙන විශේෂ වැඩ සටහන්ද පැවැත්වේ.

  • සැම මසකම ශීල ව්‍යාපාරයක් පැවැත්වීම

  • සිසුන් විසින් බෞද්ධ චිත්‍ර සහ වෙනත් සාහිත්‍යමය අංග ඉදිරිපත් කිරීම.

  • සිසු දක්ෂතා පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරිම

  • සිසුන්ගේ දෙමාපියන්ගේද සහභාගීත්වයෙන් මසකට වරක් ධර්ම දේශනයක් පැවැත්වීම.

  • සිසු දරුවනට දහම් ‍පතපොත බෙදාදීම.

  • පුස්තකාල පහසුකම් සැපයීම.

  • අන්‍යෝන්‍ය සුහදත්වයෙන් ආහාර බෙදාහදාගෙන පරිහරණය කිරීමට සිසුන් උනන්දු කරවීම.





  • පට්ඨාන ධර්ම සභාව
  • 487/25, තිඹිරිගස්යාය පාර,
  • නාරාහේන්පිට, කොළඹ 5,
  • ශ්‍රී ලංකාව.
  • දුරකථන : 011-2580417