අනුපස්සනා සමාධිඝරය -අළුත්ගම, බෝගමුව, යක්කල  

අනුපස්සනා සමාධිඝරය

අනුපස්සනා සමාධිඝරය – බෝධිග්‍රම භාවනා මධ්‍යස්ථානය

අනුපස්සනා සමාධිඝරය හෙවත් බෝධිග්‍රම භාවනා මධ්‍යස්ථානය, භාවනාමය කෘත්‍යයෙහි නියැලෙන්නන් සඳහා විශේෂිතව නිර්මාණය කර, ගොඩ නගනු ලබන මධ්‍යස්ථානයකි. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ සිට කි.‍මීටර් 1/2 ක් පමණ දුරින්, ගම්පහ දිස්ත්‍රික්කයේ, යක්කල, අළුත්ගම, බෝගමුව ග්‍රාමයේ, හරිත වර්ණයෙන් පිරිපුන්, දැකුම්කළු, සාමකාමී නිහඬ, නිසසල පරිසරයක මෙම මධ්‍යස්ථානය පිහිටා තිබේ.

මානසික සුවය ඇළුම්කරන ඕනෑම අයකුට ඒ සඳහා අවශ්‍ය පහසුකම් සහ නිවැරදි මාර්ගෝපදේශකත්වය මෙම මධ්‍යස්ථානය තුලින් සපයා දීමට අපේක්ෂා කෙරේ. මෙම මධ්‍යස්ථානය සුභදායී ප්‍රීතිමත් මානසික සංහිඳියාවක් අපේක්ෂා කරනු ලබන දෙස් විදෙස් කවරකුට වුවද කෙටි කාළ පරිච්ඡේදයකදී වුවත් විවේක සුවයට අගනා ස්ථානයක් වනු ඇත.‍

දෛනික භාවනාමය කර්තව්‍යයන්හි නිරතවන ගිහි පැවිදි දෙපාර්ශවයටම බාහිර බාධාවන්ගෙන් තොරව එකී කාර්යය ප්‍රගුණ කර යහ මානසිකත්ව ප්‍රවර්ධනයක් ඇතිකර ගැනීමට මෙම මධ්‍යස්ථානය අතිශයින් වැදගත්වනු ඇත. එසේම, භාවනාව මුල්කර ත්‍රිපිඨකය හදාරන භික්ෂුන් වහන්සේලාට නේවාසිකව වැඩ සිට අධ්‍යාපන කටයුතු කිරීමටද මෙම ස්ථානය මහඟු පිටුවහලක් වනු ඇත.

ව්‍යාපෘති කමිටුව

  • පූජ්‍ය කොරතොට වෙස්සභූ හිමිපාණන් වහන්සේ (අනුශාසක)

  • දේශබන්ධු ඕල්කොට් ගුණසේකර මහතා

  • ඉංජිනේරු චිත්‍රාල් පන්ඩිත මහතා

  • වාස්තු විද්‍යාඥ සුචිත් මොහොට්ටි මහතා

  • සුධර්මා පන්ඩිත මහත්මිය

  • සුජාතා ඩයස් මහත්මිය

  • ​පුෂ්පා කරුණාරත්න මහත්මිය

  • වෛද්‍ය නවමාලිකා ද සිල්වා මහත්මිය

මෙම මධ්‍යස්ථානයේ ඉඳිකිරීම් කටයුතු 2600 සම්බුද්ධත්ව ජයන්ති සැමරුමට සාපේක්ෂව 2011 වසරේදී නිම කිරීමට අපේක්ෂා කළද, පැන නැගි යම් ගැටළු කිහිපයක් හේතුවෙන් ඉදිකිරීම් කටයුතු තවදුරටත් සිදු වෙමින් පවතී. ගොඩනැගිලි සඳහා සමස්ථ ඇස්තමේන්තුව ශ්‍රී ලංකා රුපියල් මිලියන 15 ක් ලෙස ගණනය කර ඇත. ත්‍යාගශීලීන්ගේ උපකාර අපේක්ෂාවෙන් මෙහි වර්ග අඩියක බරපැන ශ්‍රි ලංකා රුපියල් 3000/= ක් ලෙසට ගණන් බලා ඇත.‍

දායකත්ව අරමුදල

මේ සඳහා දායකත්වය සැපයිමට ඉදිරිපත්වන පිංවතුන්හට රේඛණය කරන ලද චෙක්පත් අනුපස්සනා සමාධිඝරය අරමුදල නමින් ලබාදිය හැකි අතර, මුල්‍යමය දායකත්වයන් පහත දැක්වෙන බැංකු ගිණුමට ඝෘජුව බැර කළ හැකිය.

කළමනාකරු, සීමාසහිත සම්පත් බැංකුව,

නාරාහේන්පිට

ගිණුම් අංකය – A/C No. 0040 5000 4010

බී එස් ඒ එම් එල් කේ එල් එකස් (B S A M L K L X)





  • පට්ඨාන ධර්ම සභාව
  • 487/25, තිඹිරිගස්යාය පාර,
  • නාරාහේන්පිට, කොළඹ 5,
  • ශ්‍රී ලංකාව.
  • දුරකථන : 011-2580417