අප ගැන  

පට්ඨාන ධර්‍ම සභාව, කොළඹ

පට්ඨාන ධර්‍ම සභාවේ මූලස්ථානය කොළඹ 05, නාරාහේන්පිට පිහිටි අතර, සද්ධර්‍ම කීර්ති ශ‍්‍රී ත‍්‍රිපිටකාචාර්ය ගෞරවනීය පූජ්‍යපාද කොරතොට වෙස්සභූ ස්වාමීන්ද්‍රයන් වහන්සේ එහි ප‍්‍රධාන අනුශාසක ධූරය හොබවමින් වැඩ සිටිති. මූලිකව මෙහි සීල සමාදාන, සමථ / විපස්සනා භාවනා වැඩ සටහන් පවත්වන අතර, දරු දැරියන්ගේ ආධ්‍යාත්මික ගුණවගාව වර්ධනය කිරීමට සහ ඔවුන් දහමින් පෝෂණය කරනු වස් සෑම ඉරුදිනකම දහම් පාසැල් පවත්වා ගෙන යනු ලැබේ.


බෝධිග‍්‍රම භාවනා මධ්‍යස්ථානය, අළුත්ගම, බෝගමුව, යක්කල

ගම්පහ දිස්ත‍්‍රික්කයේ, කොළඹ – නුවර ප‍්‍රධාන මාර්ගයෙන් කි.මී. 0.05 ක් පමණ දුරින් යක්කල, බෝගමුව, අළුත්ගම පිහිටි බෝධිග‍්‍රම භාවනා මධ්‍යස්ථානය, කොළඹ පට්ඨාන ධර්‍ම සභාව හා සහසම්බන්ධව පවතී. දැකුම්කළු හරිත වර්ණයෙන් හෙබි, අතිශයෙන්ම නිසංසල සහ සාමකාමී පරිසරයක පිහිටි මෙම මධ්‍යස්ථානය, යෝගාවචාරයාගේ මනස සුවපත් කිරීමට බෙහෙවින්ම උපකාරී වන බව කිවයුතුව ඇත.


නිර්මාතෘ අපවත් වී වදාළ ආභිධම්මික වාගීශ්වර අති පූජ්‍ය යාගොඩ ධර්මප්‍රභ ස්වාමින්වහන්සේ

ආභිධම්මික වාගීශ්වර අති පූජ්‍ය යාගොඩ ධර්මප්‍රභ ස්වාමින්වහන්සේ

වර්ෂ එක්දහස් නවසිය දහනවයේදී උපත ලබා ඇති අතිපූජ්‍ය යාගොඩ ධර්‍මප්‍රභ මහානාහිමියන් වහන්සේ සසුන්ගතව ඇත්තේ යාගොඩ සුගතනන්දාරාම විහාරස්ථානයේදීය. බුදු සසුනෙහි උපසම්පදා භික්ෂූත්වය ලබා ගැනීමෙන් අනතුරුව උන්වහන්සේ මුල්කාලයේදී ගාල්ල, ඉමදූව, වවුළුගල වතුයාය ආසන්නයේ වූ ආරණ්‍ය තපෝවනයෙහි වැඩ වසන ලදී. කළුගල තපෝවනයෙහි වැඩ වසන අවදියේදී අද්විතීය ධර්‍මවිද්වතකුවූ අග්ග මහා පණ්ඩිත පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ වෙතින් ධර්‍මය හැදැරීමට උන්වහන්සේ වාසනාවන්ත වූ සේක. ඉන් අනතුරුව උන්වහන්සේ බුරුම දේශයට වැඩම කරන ලදී. එහිදී, උන්වහන්සේ කර්මඨ්ඨානාචාර්ය මහා පන්ථ අෂින් සෝභන මහාසි තෙරුන්වහන්සේ වෙතින් භාවනාව පිළිබඳව අධ්‍යාපනය ලබන ලදී. එම ස්වාමීන් වහන්සේ එවකට බිහිව තිබූ සතිපට්ඨාන සහ විපස්සනා භාවනා මධ්‍යස්ථාන සිය ගණනකට පෙර ආරම්භ කරන ලද “සාසනයීත්” භාවනා මධ්‍යස්ථානයෙහි නිර්මාතෘවරයා මෙන්ම ප්‍රධාන අනුශාසක වරයාද වන්නේය.‍ බුරුමයෙහි පවත්වන ලද සයවන ධර්‍ම සමුළුව මෙහෙයවීම සඳහා සිය දහසක් බෞද්ධ භික්ෂුන් අතුරින් පුජ්‍ය යාගොඩ ධර්‍මප්‍රභ ස්වාමීන් වහන්සේ තෝරා ගන්නා ලදී. වරෙක වජිරාරාම වාසී පූජ්‍ය නාරද මහා ස්වාමීන් වහන්සේ විසින් උන්වහන්සේ හඳුන්වන ලද්දේ නිර්වාණ මගළුල ලාභියකු වශයෙනි. .

බුරුමයේ සිට වවුළුගල තපෝවන ආරන්‍යසේනාසනයට ආපසු වැඩමවීමෙන් අනතුරුව උන්වහන්සේ සමථ සහ විපස්සනා භාවනාව වැඩීමේ ස්වකිය මූලික පරමාර්ථය ක්‍රියාවට නැංවීමේ සහ භික්ෂුන්වහන්සේ ලා සහ ගිහි දායක පිරිස වෙනුවෙන් අභිධර්‍මය ඉගැන්වීමේ කටයුතු ආරම්භ කරන ලදී. උන්වහන්සේගේ ගෝලයන් අතර ආසන්නයේ සිට මෙන්ම ඉතා දුර බැහැර ප්‍රදේශ වල සිට පැමිණෙන අයද විය. එසේම යාගොඩ ධර්‍මප්‍රභ ස්වාමීන් වහන්සේ, ඵසේම පූජනීය යාගොඩ ධර්‍මප්‍රභ ස්වාමීන් වහන්සේ විසින් රචිත ධර්‍ම ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් ඇතත්. ඒ අතුරෙන්, පට්ඨාන ධාරණී පඤ්හ විභංග වාරය, බුද්ධ භාවනා, පට්ඨාන දේසනා සාරය, විදර්ශනා ගුරු පොත, සිත සිරුර සහ නිවන හෙවත් ධම්මසංගණී, විශුද්ධි විපස්සනා භාවනා යන අර්ථවත් විශිෂ්ඨ ධර්‍ම ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන් ලභාගත් හැකි අවබෝධය මග ඵල නිවන් පිණිසම හේතු වේවා !

වර්ෂ 1961 දී පූජනීය යාගොඩ ධර්‍මප්‍රභ ස්වාමීන් වහන්සේ විසින් පට්ඨාන ධර්‍ම සභාව ස්ථාපිත කරන ලද සේක. අගනුවර පට්ඨාන ධර්‍ම සභාව නමින් කොළඹ පිහිටුවන ලද මෙම ධර්‍ම ආයතනයේ, නිර්මාතෘවර හිමිපානන් සේම ඵහි ප්‍රථම අධ්‍යක්‍ෂවර ස්වාමින් වහන්සේද වූහ. මේ අනුව, වර්ෂ 1987 දී පට්ඨාන ධර්‍ම සභාවේ ප්‍රධාන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා කොළඹ, නාරාහේන්පිට ප්‍රදේශයෙහි පර්චස් 20ක රජය සතු ඉඩම් කැබැල්ලක් පවරා ගන්නා ලඳී.


පට්ඨාන ධර්‍ම සභාවේ වර්තමාන අධ්‍යක්‍ෂවර පුජ්‍ය කොරතොට වෙස්සභූ ස්වාමින්වහන්සේ

පුජ්‍ය කොරතොට වෙස්සභූ ස්වාමින්වහන්සේ

පට්ඨාන ධර්‍ම සභාවේ වර්තමාන අධ්‍යක්‍ෂවර පුජ්‍ය කොරතොට වෙස්සභූ ස්වාමීන් වහන්සේ 1993 වර්ෂයේ සිට මේ දක්වා පට්ඨාන ධර්‍ම සභාවේ අධ්‍යක්‍ෂ ධුරය හොබවන සේක. උන්වහන්සේ කොළඹ නගරයට ආසන්නයේ කඩුවෙල උපනගරයේ කොරතොට ප්‍රදේශයේ ව්‍යාපාරික පවුලක ඉපිද තම මූලික අධ්‍යාපනය කොරතොට මහා විද්‍යාලයෙන් ලබා ඇත‍….. වර්ෂ 1982 දී, වසය අවුරුදු 14 ක්ව තිබියදී, තම ගුරුදේවයාණන් වූ පූජ්‍ය ධර්‍මප්‍රභ මහනාහිමි විසින් තවත් දසදෙනකු සමඟ ඉන්දියාවේ බුද්ධගයා පරිශ්‍රයේදී සසුන්ගත කර ප්‍රවෘජ්ජාවට පත්කරන ලදී. එතැන් පටන් තම ගුරුදේවයාණන් අනුගමනය කරමින් කොළඹ සහ අදාල වෙනත් මධ්‍යස්ථානයන්හිදි අභිධර්‍මය සහ භාවනාව ප්‍රමුඛව ඉතාමත් ලැදිව තම අධ්‍යාපන කටයුතු වල නිරත වන ලදී. 1992 දී උන්වහනසේ බුදු සසුනෙහි උපසම්පදා භික්ෂුත්වය ලබාගන්නා ලදී.






  • පට්ඨාන ධර්ම සභාව
  • 487/25, තිඹිරිගස්යාය පාර,
  • නාරාහේන්පිට, කොළඹ 5,
  • ශ්‍රී ලංකාව.
  • දුරකථන : 011-2580417